ලොකුකම

සිතෙහි සිත්තම් කරන
අපුර්වතම සිත්තමක
පුංචි තාරකාවක්
හැමදාම මට පෙනුනා....

කළුවර ඝණ අඳුර
පහන් කල තාරුකාවට
එකසිතින් පෙම්කලේ
තනිව හුන් නිසාමයි

හිස් සිතක අරුත වු
නුඹේ අහිංසක එළිය
සඳ අහිමි අහස යට
පහනක්ම විය එදා

අද ඇවිත් කරලියට
සඳ තරග වදින්නට
ඉතින් කෙලෙසින් ද ඔබ
නොසෙල්වී එක තැනම

දරා ගන්න බැහැ නුඹ නැති පාළුව.....


පහන් කරන්නට නොහැකි රාත්‍රිය
නුඹ ඇවිදින් සක්මන් කරනා.....
වසා ගන්න බැහැ දෙනෙත් පියන් යුග
නුඹ ඇවිදින් සිහිනෙක  වුන්නා...

මවාගන්න බැහැ මගේ සිහින ලොව...
නුඹ ඇවිදින් තනියට වුන්නා....
හිතාගන්න බැහැ හිතට මගේ අද...
නුඹ කවුදෝ ම සිත තුල රැදෙනා......

සසර නොතේරෙන කමට මගේ ඔහේ
නුඹ ළඟ දැවටී පෙම් කෙරුවා....
අනියත දිවියක අරුත පසක් කර.
නුඹ මා හැර යා යුතු බව කීවා....

සිහිනය හිස්විය රැයද පහන්විය
නුඹ ඇවිදින් ආපසු ගොස් තිබුණා....
වසාගන්න බැරි දෙනෙත් පියන් අඟ
සීතල කඳුලක් ඉතිරිවුනා...........