ලබා ගන්න ඉඩ දී

 වඳන් වලට පෙරලෙන්නැති මගේ ආදරේ,

ඉවසනු මැන මා වෙනුවෙන් නිහඩ මාවතේ,

යලි ලබාගන්න අදිටන් නැති නුඹේ හදවතේ,

අපි බලා හිඳිමු හෙට හවසත් පහන් කඩඉමේ.

ලියන්නෙමි නැවතත්!

ජීවීතේ නැවත නැවතත් පසු තැවෙන එකම තැන
නුඹ නමින් ලියවුනු ආදරයේ වියෝ දුක පුරා දුන්
මගේ හදතයි....................................................

තනිකම පාළුවද අරගෙන !

උණුසුම් සුසුම් හඳ පතුලෙන් වියෙකේවී
දෙනුවන් දිදුලු පණ නල වෙර නැතිවේවී
වදනට හැරුණු මුව සදහට ගොළුවේවී
කඳුලක් නොනැගුනත් නෙත අඟ දුක වැගිරේවී

මහ රෑ රූරා වැටෙන කඳුළු !

දවසක්ම තනියම
අතරමං වු හිත ළඟම
තනි රකින කඳුළු බිදු
හැංගුවේ නුඹෙන් නොව
උණුනොවෙන උඹේ හිතෙන්මයි!

දුර ඈත උඹ දකින
හැම මොහතක්ම
සත්තකයි දුක්බරයි
නුඹ නමින්

එක සිතින් පතන්නම් ඔබට!

ආයෙම අලුත් අවුරුද්දක් වෙනදා වගේ හරියටම රෑ 12.00ට අවුරුද්ද ලබන වෙලාවට මට කතා කරලා සුභ පතන්න කවුරුත් නැති වුනාට, හැමදාමත් වගේ මම නුඹට සුභ පැතුවා, හිතේ පොදිබදගෙන ඉන්න හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා.....!

::::::::: සුභ නව වසරක් වේවා!:::::::::::

ලොකුකම

සිතෙහි සිත්තම් කරන
අපුර්වතම සිත්තමක
පුංචි තාරකාවක්
හැමදාම මට පෙනුනා....

කළුවර ඝණ අඳුර
පහන් කල තාරුකාවට
එකසිතින් පෙම්කලේ
තනිව හුන් නිසාමයි

හිස් සිතක අරුත වු
නුඹේ අහිංසක එළිය
සඳ අහිමි අහස යට
පහනක්ම විය එදා

අද ඇවිත් කරලියට
සඳ තරග වදින්නට
ඉතින් කෙලෙසින් ද ඔබ
නොසෙල්වී එක තැනම

දරා ගන්න බැහැ නුඹ නැති පාළුව.....


පහන් කරන්නට නොහැකි රාත්‍රිය
නුඹ ඇවිදින් සක්මන් කරනා.....
වසා ගන්න බැහැ දෙනෙත් පියන් යුග
නුඹ ඇවිදින් සිහිනෙක  වුන්නා...

මවාගන්න බැහැ මගේ සිහින ලොව...
නුඹ ඇවිදින් තනියට වුන්නා....
හිතාගන්න බැහැ හිතට මගේ අද...
නුඹ කවුදෝ ම සිත තුල රැදෙනා......

සසර නොතේරෙන කමට මගේ ඔහේ
නුඹ ළඟ දැවටී පෙම් කෙරුවා....
අනියත දිවියක අරුත පසක් කර.
නුඹ මා හැර යා යුතු බව කීවා....

සිහිනය හිස්විය රැයද පහන්විය
නුඹ ඇවිදින් ආපසු ගොස් තිබුණා....
වසාගන්න බැරි දෙනෙත් පියන් අඟ
සීතල කඳුලක් ඉතිරිවුනා...........

නැවත කඳුලට හඩන්නට අවසරයි!

ජීවිතයේ දුක සතුට හැමදේම සම සමව තියෙනවා, ඒක් සමහර තැනෙක ඳුකම විතරක්ම හැමදාමත් නතර වෙලා තියෙන්නේ හරියට ඳුක හිතවත් වෙලා වැඩිකමට යන්න බැහැ කියන්නා වගේ. ඉතින් මේච්චර කාලයක් නිහඩව බලා උන්නු කඳුළුවැට අද්දර අද ඉදලා දිගටම ගලාගෙන යන්න තමයි බලාපො‍‍රොත්තුව. අපේ ජීවිත වල මිහිරි අමිහිරි සියළුදේම එකතුකරගෙන හැමදාමත් ගලාගෙන යන :කඳුළුවැට අද්දර: දිගු ගමනක් එක්කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා...

ඉතින් අවසරයි අරඹන්න කඳුළුවැට අද්දරින් .....