ළගින් හිටියත් දුරින් හිටියත් සිතින් මා ඔබ ළගයි
ආදරය කියන්නේ වේලාවකට අපේ ජීවිත වලට නැතුවම බැරි දෙයක්, අපි කොයිතරම් උත්සහ කරත් මේ ආදරයෙන් බේරිලා ඉන්න අපිට බැහැ, අපි නොදැනුවත්වම හෝ දැනුවත්වම ආදරය අපි සොයා යනවා හෝ අපිව සොයාගෙන එනවා, අපේ ජීවිත වලට එළිය වගේ සමහර පුද්ගලයන්ගේ ජීවිත වලට කඳුළු ගෙනාව ආදර කතාන්දර අපි කොතෙකුස් අසා ඇත්තෙමු, එනමුදු ආදරය යනු හුදෙක් එක් වචන සංකලනයක්ම පමණක් නොවේ, විවිධ වු ලෝකයේ ජීවයේ පැවැත්ම රදාපවත්වා ගැනීම සදහා ස්වභාවධර්මයා විසින් දායාද කල අපුර්වත්ම සිතුවිල්ලක්, එසේත් නොමැතිනම් ස්වභාධර්මයේ අපුර්වතම නිර්මාණයක්....
සමහරුන් ආදරය නිසා ජීවිතය පවා පුද කරනවා, ඒ අතරින් තවත් සමහරෙක් ආදරය යන වචනය සීමාව හා උපකල්පනය ලෙස ගෙන තාවකාලීක සුවයක් ලබනවා, මේසා විශාල කාර්යයභාර්යක් කිරීමට නිර්මාණය කල පුජනීය ආදරයම අද වන විට බාහිර ස්පර්ෂ රසයට පමණක් සීමා වී ඒකිනෙකාගේ කාමාශාවන්ගේ උච්චත්වය සොයා යනවා..හරියටම අර්තකථනයක් දීමට නොහැකි වුවද ආදරය දීවා රෑ නොබලා මිනිස්සුන්ගේ හිත් වල වැපිරීම නම් කෙදිනකවත කාටවත් නැවැත්වීමට නොැකියි...මේ වගේ පුංචි අකුරුවලින් කියන්න බැරි තරමටම ආදරේ අර්ථවත්...ඉතින් අදට මෙතනින් නවත්වන්නම් ඒත් අයෙම පටන් ගන්නම් මොකක්ද මේ හිතේ ගැඹුරුම තැනින් පටන්ගන්න ආදරේ කියන එක නැවත පැහැදිලි කරන්න....







1 Response to "ළගින් හිටියත් දුරින් හිටියත් සිතින් මා ඔබ ළගයි"
Post a Comment